ලේසියෙන්ම ඇන්ඩ්‍රොයිඩ් ROOT කරමු (Root Android Smart Phone Without PC )



කොහොමද යාලුවනේ....අද මම කියල දෙන්න යන්නෙ ගොඩක් දෙනා ඉල්ලන දෙයක්.ඒ තමයි අපේ ඇන්ඩ්‍රොයිඩ් ස්මාර්ට් ෆෝන් එක රූට් (root) කරන හැටි

මුලින්ම කියන්නම්කො ඇයි අපි ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එක Root කරන්න ඕනෙ සහ Root කරනවා කියන්නෙ මොකක්ද කියල..


Android කියන්නෙ Linux Based OS එකක් කියලා හැමෝම දන්නවා ඇතිනේ.ඒ කියන්නෙ හරියට නිකන් උබුන්ටු (Ubuntu) වගේ.ඒත් පොඩි වෙනසක් තියෙනවා.  ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එකක ඔයාට කරන්න පුලුවන් වැඩ බොහෝමයක් සීමා කරල තියෙන්නේ.ඒ කියන්නෙ ඔයා ඔයාගෙ ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එක කරන්නෙ හරියට Wndows වල Guest User කෙනෙක් වගේ.Administrator Account එකකින් කරන්න පුලුවන් ගොඩක් දේවල් ඔයාට Guest Account එකකින් කරන්න බෑ.ඉතින් ෆෝන් එක Root කරගත්තම ඔයාට මේ කරදරේ නෑ.

Android Root කිරීමේ වාසි



  • * Super User බලතල හෙවත් දුරකතනයේ සම්පූර්ණ පාලන බලය ලැබීම

    • * Memory Card එකටද Applications Install කිරීමට හැකි වීම
    • * රූට් කිරීමට පෙර Install කිරීමට නොහැකි වූ Applications Install කිරීමට හැකි වීම
    • * Custom ROM Install කිරීමට හැකි වීම
    • * ඕනෑම Android Version එකක් ස්ථාපනය කල හැකි වීම
    • * OS එක තමන්ට අවශ්ය විදිහට සකසා ගැනීමට හැකි වීම ( BootScreen , Animations , Fonts , Icons ආදිය වෙනස් කිරීම )

    Android Root කිරීමේ අවාසි

    • * නිශ්පාදකයාගේ වගකීම් සහතිකය නැති වීම ( ඒ කියන්නෙ ෆෝන් එක රූට් කරාම ඔයාගෙ Warrenty එක Cancel වෙනවා )
    • * Official Update කිරීමට ඇති හැකියාව නැති වීම
    • * ෆෝන් එකට හෝ ටැබ් එකට ඔරොත්තු නොදෙන ඇප්ස් Install කිරීම නිසා උපකරණයේ කාර්යක්ශමතාවය අඩු වෙන්න පුලුවන්
                     හරි , දැන් එහෙනම් දන්නවනේ Root කරනවා කියන්නෙ මොකක්ද කියලා.එහෙනම් දැන් බලමු රූට් කරන විදිහ.ගොඩක් දෙනා Root කරන්න PC එකක් Use කරනව.ඒත් අද මම කියන්නෙ PC එකක් නැතුවම ෆෝන් එක රූට් කරගන්න හැටි.
                   මේකට ඔයාට ඕන FramaRoot කියන ඇප් එක.මම දන්න විදියට මේක PlayStore එකේ නෑ.ඒ නිසා ඔයාට කැමති Version එකක් පහලින් Download කරගන්න.














                      මේක Install කරනකොට මේ වගේ Error එකක් එයි සමහර විට.

                                     මෙහෙම ආවොත් ඔයාගෙ ෆෝන් එකේ Menu එකේ Settings වලට ගිහින් ,ඒකෙ Aplication කියන Tab එකේ තියෙන Unknown Sourses කියන එකට ටික් එකක් දාන්න.ක ටික් කරනකොට එන Warning එක ගනන් ගන්න එපා
    තේරුනේ නැත්තන් පහල රූපය බලන්න.




    දැන් ඉතින් ඔය app එක Install කරලා Open කරගන්න.ඊට පස්සෙ ඒකෙ “ Install Superuser ” කියන එක තෝරලා , ඒකෙ පහල තියෙන exploits වලින් කැමති එකකට යන්න.



    ඊට පස්සෙ ටික වෙලාවක් ගියාම ඔයාට 
    “Success  … Superuser and su binary installed. You have to reboot your device” 
    කියල message එකක් ආවොත් , ඒ කියන්නෙ ඔයාගෙ Phone එක Root වෙලා

    එහෙම නැතුව “Failed … Try another exploit if available” කියල message එකක් ආවොත් ඒ කියන්නෙ ඔයා තෝරපු exploit එක ඔයාගෙ Phone එකට Support නෑ කියලා.එතකොට ඔයාට කරන්න තියෙන්නෙ වෙන exploit එකකට ගිහින් Try කරල බලන්න.එතකොට හරි.වැඩේ හරි ගියාට පස්සෙ Phone එක Restart කරන්න.

    දැන් ඉතින් ඇත්තටම රූට් උනාද කියලත් බලාගන්න එපැයි.ඒකටත් විදියක් කියන්නම්කෝ ඉතින්
    මෙන්න මේ app එකෙන් පුලුවන් ඔයාගෙ Phone එක Root වෙලාද නැද්ද කියල බලාගන්න.මෙතනින් බාගන්න එහෙනම්..

    මේ ගැන මොකක් හරි ගැටලුවක් තියෙනව නම් Comment එකක් දාන්න.ගැටලුවක් නැතත් කමක් නෑ පුලුවන් නම් Comment එකක් දාගෙන යන්න...

                                ඔබට ජය ! ! !

    3 Responses to "ලේසියෙන්ම ඇන්ඩ්‍රොයිඩ් ROOT කරමු (Root Android Smart Phone Without PC )"


    1. When i try this app in got message as follows ''Your device seem not vulnerable exclipt include inframaroot''

      ReplyDelete

    2. When i try this app in got message as follows ''Your device seem not vulnerable exclipt include inframaroot''

      ReplyDelete
    3. Failed … kiyala enawa mokada karanna ona....

      ReplyDelete