මේ Google Chrome Browser එක නොවෙයි.

techguru (Medium)

ඔබත් Google Chrome web browser එක භාවිතා කරන කෙනෙක්ද? එහෙනම් මේ තොරතුර ඔබ අනිවාර්යයෙන්ම දැන ගත යුතුයි මන්දයත් ඔබ දැනටමත් මෙහි ගොදුරක් වෙලා සිටින්නට පුළුවන්. යාළුවන්ටත් දැන ගන්න share කරන්න අමතක කරන්න එපා!

මේ Malware එක ඔබගේ Chrome Browser එක ඉවත් කරලා වෙනත් ව්‍යාජ එකක් ප්‍රතිස්ථාපනය කරනවා. පසුව එය ඔබේ default browser එක බවටත් පත් කර ගන්නවා. එතැනින් අවසන් වෙන්නෙත් නැහැ. html, .jpg, .gif, .pdf සහ web links විවෘත වන default program එක බවටත් පත් වෙනවා. එමගින් ඔවුන්ගේ වෙළඳ දැන්වීම් ප්‍රචාරණය සහ ඔබ මේ හරහා අන්තර්ජාලයට ඇතුලත් කරන තොරතුරු ලබා ගෙන වෙනත් පාර්ශවයන් වෙතට විකිණීම සිදු කරනවා.
මේ malware එක ඇත්තටම eFast නමින් හැදින්වෙන web browser එකක්. පෙනුමෙන් Chrome browser එක වගේමයි. මේ browser එකත් open source Chromium project එක මූලික කරගෙන නිපදවා තිබෙන නිසා හැසිරීමත් Chrome ලෙසින්ම සිදුවෙනවා.
Google Chrome තුල විවිධ ආරක්ෂණ උපක්‍රම තිබියදීත් මෙවැනි දෙයක් සිදු වීම යම් කිසි ආකාරයකට ගැටළු සහගතයි. ඒ නිසා ඔබේ web browser එක ප්‍රතිස්ථාපනය කිරීම, පරිගණකයට හානි කරන අලුත්ම ආකාරයක් වෙන්නට පුළුවන්. මේ malware එක Google Chrome Shortcuts සියල්ලත් ඔවුන්ගේ ඒවායින් ප්‍රතිස්ථාපනය කරනවා.
ඔබ දැනටමත් මෙහි ගොදුරක්ද නැද්ද යන්න තහවුරු කර ගන්නට Browser Settings පරික්ෂා කරන්නට අවශ්‍යයි. ඒ සඳහා Browser එකේ address bar එකේ “chrome://chrome” යන්න type කරන්න. About යටතේ eFast ලෙසින් දැක්වුනොත් uninstall a program වෙතට ගොස් “eFast 000.110010107” යන්න uninstall කරන්න.

0 Response to "මේ Google Chrome Browser එක නොවෙයි."

Post a Comment